ඕපාදූප

#ලව්_හුට_පට 😁
#මේවා_සිරා_සිද්දි 😂

වැඩිපුරම බයිට් වෙන්නෙ
කොල්ලෙක් ඉන්න උන් ⁣ටික ය
කෝල් එකක් ගත්ත ගමන්...,,,

" ඒ බං උඹේ අනිත් ෆෝන් එක රිංග් වෙනවා"

" යකෝ උඹ අරූව අතෑරියද "

" මොනවද බං ඇඟිලි වලින් පෙන්නන්නෙ "

බ්ලා බ්ලා බ්ලා............😂

⁣කොල්ලෙක්ම ඕන නැත
දෙයියනේ කියලා අම්මා ගත්තත් එච්චරමය

කාමරේ එකම පිස්සන් කොටුවක් වෙලාය
පිට කොකු ඉන්න උන් හැමතිස්සෙම වීඩියෝ කෝල් වලය
උන්ට කන්න බොන්නවත් වෙලාවක් නැති තරම්ය😀

ඇතුලෙම කොකු ඉන්න උන්
හැමතිස්සේම පය එලියට තියාගත්ත ගමන්මය
මේ ඉන්නවා මේ අතුරුදහන් ය😶

ඒ මදිවට දිගට හරහට කොල්ලව හම්පට්ට ගහන එක
මාරුවෙන් මාරුවට වෙනවාමය
එකෙක් වලි දාගෙන අහවර වුන ගමන්
අනිකා ද වලියක් ඇදගෙන ය😤

එකියක් ඌ තරහ උනු පලියට
හොටු හූරගෙන හූල්ලන්නීය
අනිත් එකීට නම් ගානක්වත් නැති තරම්ය
ඒකි ගිල ගිල කෑවෙ නෑ කියමින් අරූව මඩවන්නීය 😁

සමහර උන් කොල්ලා හිටු කිව්වොත් දවසම හිටගෙන ඉන්නීය
අනිත් උන්ට නං ඒවා අදාලම නැත
උන් කරන්නේ උන්ට ඕන ⁣දේමය😂

හොටු හූරමින් වැලපීම්
ඉකිගසා හැඬීම්
සාමාන්‍යය 😂
එය උපරිම පැය බාගයක් විතරමය

කොටින්ම සමහර උන් සම්බන්ධය
එක්බිලියන පන්දහස් එකසිය වතාවක්ම
නවතා දමා ඇත
තවමත් නවතමින් සිටින්නීය 😂👏✌

ඉඳහිට ටෝක් කරන කොල්ලන්ටද
අදාළ එකී විතරක්ම ටෝක් වෙන්නේ නැත
ඌට මැසේජ් යැවෙන්නේ හැම එකාගෙම අදහස් එක්කය😲

සෙට් එකේ ආතල් එක උපරිමයෙන්ම ගන්නේ
තනිකඩ එකාය
ඒකි කටට එන හැමදේම ඇදබාගෙන ඉන්නීය

විශේෂයෙන් හොස්ටල් කාමරයක් යනු
යක්ෂ විමානයක් ය 😂😈

අපේ හොස්ටල් කාමරය ද එසේමය 😂

- සුනෝ

Comments

Post a Comment