දැනුමට යමක්...

අන්තිමට සොයාගත් සොලොස්මස්තාන ගැන ඔබ දැනුවත්ද?
                මීට වසර 21ට කලින් 1995.ඔක්තෝබර.15වෙනිදා අපේ රටේ බෞද්ධයන්ට වැදගත් ස්ථානයක් සිදුවුණා.කාලයක් තිස්සේ බොහෝ දෙනෙක් සොලොස්මස්තාන වන්දනා කරන ගාථාව කියලා සොලොස්මස්තාන වන්දනා කලත් එයින් එකක් වුනු දිවා ගුහාව ඇත්තටම තියෙන්නේ කොහෙද කියලා දැනගෙන හිටියේ නැහැ.බුදුරජානන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කල අවස්තාවක දිවා කාලයේ ගිමන් නිවා ගත්තූ නිසා”දිවා ගුහාව”යනුවෙන් නම් කෙරුනු මෙම ස්ථානය තියෙන්නේ කොහෙද කියලා තහවුරු කරගන්න පුලුවන් උනේ ඒ දවසේ.දැරණියගල ඉදලා මහවත්ත කන්ද,බටතොට හරහා එක්නැලිගොඩ දක්වා විහිදා තියෙන කදුයායේ තමයි දිවා ගුහාව පිහිටලා තියෙන්නේ.බටතොට ලෙන කියන්නෙත් මේ විහාරෙටම තමයි.දිවා ගුහාවට 400 m ක් විතර දුරින් ස්‍ත්‍රී පුර කියලා අත්භූත ලොකු ගල්ලෙනකුත්,තව 400m දුරින් දහයියා ලෙනත්,ගල් පර්වතයක් මුදුනේ අක්කර 5ක විතර හොම්පලහේන ගල් තලාවකුත් 400mක් දුරින් පිහිටා ඇත.මෙම ස්ථානය පුරා විද්‍යාත්මකව අවුරුදු 30000ක්ට පෙර මිනිස් වාසයන් පැවති බවට තහවුරූ වී ඇත.
විහාරස්තානයේ ආරම්භය හා විකාශය

දිවා ගුහාව ඇතුලේ ඇති නටබුන් පිලිබඳව සොයා බැලීමෙදී පොලොන්නරුව.මහනුවර,ගම්පොල වැනි කාල වකවානු වලදීත් බ්‍රිතාන්‍ය අදිරාජ්‍ය සමයේදී ලංකාවට නිදහස් යුගයක් ලැබුවාට පසුත් වරින් වර විහාර කර්මාන්ත ආරම්භ කර ඇති බව සාක්ශි ඇත.කොහොම නමුත් සම්පත් හිගවීම,දුශ්කර හා පිටිසර පරිසරය,භූත බලවේග නිසා විහර කර්මාන්තය මග නතර කරන්නට සිදුවිය.එහෙයින් මෙම විහාර වල වැඩ අවසන් නොවූ හෙයින් මොන භික්ෂු පරම්පරාවට මෙම විහාර අයත් දැයි කිව නොහැක.
බටතොට ලෙන වන්දනාමාන කරන්නේ දේව,යක්ශ,භූත අමනුෂ්‍යයන් කියල මිත්‍යා මතයක් තිබුනා.මෙයට ප්‍රධාන හේතුව වූයේ බුදුදහම මූලික විහාරයක් ලෙස සංවර්ධනය කිරීමට නොහකී වීමයි.මිනිසුන්ට වදුම් කරන්න සුදුසු දිවාගුහාවක් නොතිබුනාම්,ජනයා එය නොදන හිටියාන්ම් සොලොස්මස්තාන වන්දනා කරන ගාථාවේ
  “මහියංගනං නාගදීපං,කල්‍යානම් පදලාංචනම්,දිවාගුහාවං දීගවාපී,චේතියංච මුතිංගනං.” යනුවෙන් පස්වෙනි තැනට දිවාගුහාව ඇතුලත් කලේ ඇයි?මෙවෙනි සාදක නිසා දිවාගුහාව වන්දනා මාන කිරීමට සුදුසු තැනක් ලෙස පිලිගෑනේ.
                                           -සත්‍ රූ-

Comments

Post a Comment