හිතවතිය

හිතවතිය....

දලු දමා රන් රුවට වැඩුණු
මහා රුක් ගොමු මලුත් පිපුණු
යොදා සිය වැර තදින් බැදලූ
මහා උස් කදු සිරස නුඹලූ

කඩින් කඩ මල් පාට උයනේ
තුඩින් ගත් රස බිගුන් අතරේ
ගුමු ගුමුව හඩ නගා සදෙසේ
රකින බිගු, වැජඹිලා සිරසේ

තරු බදුන පෙරලිලා ගුවනත
තරු කැකුලු හැම තැනම නිදි නැත
සිසි කිරණ පතුරුවා ගගන'ත
බැද තබන දම් වැලයි තරු නෙක

කඩිසරව යහපතේ එතෙනා
සැමට කරුණා ගුණය පානා
ප්‍රේමයට මායිම් නොවේ නම්
නුඹලූ ප්‍රේමය මටත් සිතුනා

ගහට එති වැල බරක් නොවුණු
විටෙක මද සුලගකටත් සැලුණූ
මිතුදමෙන් සිත් සතන් පිරවූ
නුඹයි ඒ මිතුදහමෙ පිළි රූ.....
            Nim...

Comments

Post a Comment