මාධ්‍යයේ සමාජ බලපෑම.

මාධ්‍යයේ සමාජ බලපෑම 

   තොරතුරු සන්නිවේදනය සඳහා භාවිත කරන මාධ්‍යන් ලෙස ජනමාධ්‍යන් හඳුනා ගත හැකිය . ලොව පුරා මෙන්ම ලංකාවේ ද පුවත්පත ගුවන්විදුලිය රූපවාහිනිය ජනමාධ්‍යන් ලෙස හඳුනා ගන්න පුළුවන් . මේ මාධ්‍ය මුද්‍රිත  හා විද්යුත් ලෙස කොටස් දෙකකි . පුවත්පත් ,සගරා ,පොත්පත් ආදිය මුද්‍රිත මාධ්‍ය ලෙසත් , ගුවන්විදුලිය හා රූපවාහිනිය විද්යුත් මාධ්‍ය ලෙසත් හැදින්වේ. කෙසේ වෙතත් මෙම මධ්‍යන් විසින් මුළු ලන්කාවටම ආමන්ත්‍රණය කිරීමේ හැකියාව ඇත . තොරතුරු සම්පාදනය ,  අද්‍යාපනය ලබාදීම , පෙළඹවීම , විනෝදාස්වාදය ,සංස්කෘතික කාර්යයන් ආදීය ජනමාධ්‍ය වගකීම් අතර වෙයි.
         වර්තමානයේ ජනමාධ්‍ය අභිබවමින් නව මාධ්‍ය කරලියට පැමිණ තිබේ . ජනමාධ්‍ය භාවිත කිරීමේ අති නවීනතාව නව මාධ්‍ය ලෙස හඳුන්වයි. කෙසේ වෙතත්  තාක්ෂණයේ දියුණුව නිසා සමාජයට දැඩි බලපෑමක් නම් සිදුව හමාරය . එය යහපතට වඩා වත්මන් සමාජය යොදා ගන්නේ අයහපතට  බව නම් ප්නෙන්න්ට ඇති කරුණකි .
               වර්තමානයේ පුද්ගලයාට අලුත් නියාය පත්‍රයක් හඳුන්වාදීම ට රූපවාහිනිය සමත්ව ඇත. රාත්‍රී 7 ට රූපවාහිනිය ඉදිරිපිට වඩිවන පව්ලේ සියලු දෙනා නැකිටින්නේ 11-12 ට ය. ටෙලි නාට්‍ය බැලීම සඳහා එකිනෙකා අතර වලි පිට වලි කෝටියකි. මේ ආදරයයි, ප්‍රවීනා, දෙවෙනි ඉනිම , සන්ගීතේ, මුතු අහුර, ආදරෙයි මන් ආදරෙයි ,හමුවෙමු ආයේ සන්සාරේ..... ආදී වශයෙන් කිසිම තේරුමක් නැති කතා පෝලිමකි. අඩුම තරමේ හිටි තැනකින් නැකිටින්නටවත් වෙලාවක් නැත. එක් කතවක් අවසන් වූ සැනින් අනෙක් කතාව පටන් ගෙන හමාරය . ලැබෙන දේකුත් නෑ, නොබලා ඉන්නත් බැරි තරමටම මේ නාට්‍ය වලට පුද්ගලයන් ඇබ්බැහි වීම කේදයකි.ඊටත් වඩා බරපතළ කරුණ නම් කුඩා දරුවන් මේ සදහා ඇබ්බැහි වීමයි. 
                    එමෙන්ම ලමා මනසට ඩැඩි ලෙස බලපෑම් කරන්නට රූපවාහිනී කාටූන් වලට හැකියාවක් ඇත. වර්තමාන මව තම දරුවා නලවා ගැනීම සදහා භාවිත කරන උපකරණ වන්නේ රූපවාහිනිය සහ දුරකතනයයි. ඉතින් කාටුන් වලට ඇබ්බැහි වන දරුවා ඒවා බලා බෙන් ටෙන් ද, සොනික් ද, ආදී වශයෙන්  ඒවා අනුකරණය කරන්නට යාමෙන් දරුවන් අනතුරු වලට ලක් වූ අවස්ථා ද නැතුවාම නොවේ. 
          එමෙන්ම වෙලද දැන්වීම් ගැන සාකච්ඡා කිරීමේදී ජනමාධ්‍ය මෙන්ම නව මාධ්‍ය ද ඒ සදහා ප්‍රමුඛ වෙයි. දැන්වීම් තුළින් වෙනමම අවශ්‍යතා කලාවක් ලන්කාවේ නිර්මාණය කර හමාරය ...
EGB  නැතුව කෑම එපා.
කෑම එක්ක coka cola.
    මෙම වෙළඳ දැන්වීම් ලංකාවේ සමාජයට බලපෑමක් එල්ල කර අවසානයි... මේ තුළින් ජනතාව අනවශ්‍ය ලෙස පෙළඹවීමක් ඇති කරයි. 
       නව මාධ්‍ය ද විශාල ලෙස සමාජයට බලපෑම් කරයි. සරලවම කියනවනම් ගෙදර ඉන්න කෙනාගේ උපන්දියක් anniversary එකක් සමරන්නේ මුහුණු පොතේය. ගෙදර ඉන්න කෙනාට සුබ පතන්නේ මාධ්‍ය මගින් . වර්තමානයේ ඛේදජනක ම තත්වය නම් පාරට බැස්සොත් සියලු දෙනා අතේ දුරකතනය වේ. මේක දිහා බලාගෙන සියලු දෙනා ම පාඩුවේ වැඩය. ලග ඉන්නෙ කව්ද   අහල පහළ මොනාද වෙන්නෙ කිසිම දෙයක නිනව්වක් නැත .ඒ තරමටම මේ මාධ්‍ය මිනිසා ට බද්ධ වෙලා. 
       කෙසේ වෙතත් මෙම මාධ්‍ය මගින් ඇති කරන අහිතකර බලපෑම් සීමා කර ගැනීමට පුද්ගලයට හැකිනම් මාධ්‍ය මගින් කොතරම් වාසි ප්‍රයෝජන ලබාගත හැකිද? එම ප්‍රයෝජන අද සමාජය ලබා ගන්නේ කීයෙන් කී දෙනාද ? තම දැනුම වර්ධනය සදහා මෙම මාධ්‍ය භාවිත කර්න්නෙ ඉතා සුලු පිරිසක් වීම කනගාටුවට කරුණකි .බොහෝ දෙනා  කාලය නාස්ති කරන්නේ වැඩකට නැති face book එකේ ය.  කෙසේ වෙතත් මාධ්‍යයක ඉටු වියයුතු වගකීම් තිබියදී වර්තමාන මාධ්‍ය ක්‍රියාකරන ආකාරය අනුව ස්මාජයට දැඩි ලෙස බලපෑම් එල්ල වී හමාරය .කෙසේ වෙතත් මාධ්‍යයට පමණක් එහි වරද පැටවීම සාදාරන ව්නනේද? මාධ්‍ය භාවිත කරන ජනතාව බුද්ධිමත් ලෙස කටයුතු කිරීම රටේ  අනාගතය ට බලපාන කරුණකි .

               * නිපූ...

Comments

  1. අනිවාර්යෙන් මාධ්‍ය භාවිතා කරන ජනතාව බුද්දිමත් වියයුතුයි. සෑම රටකම හැම කෙනෙක්ම බලන්නේ සල්ලි හොයන්න. අන්න ඒ සල්ලි හොයන අතරේ මාධ්‍ය වලින් වැරදි දෙයක් රටට ලෝකෙට ඉදිරිපත් කරනවානම් ජනතාවයි එයා ප්‍රතික්ෂේප කළ යුත්තේ. මක් නිසාද මේරටට දැන් හිතකර රාජ්ජය පාලනයක් ලැබී ඇතත් මාධ්‍යට බලපෑම් කිරීමට නොහැක. නිපු ඔබගේ අදහස් බොහොමයකට මාද එකගය. ජය වේවා. සුබ අනාගතයක්. මේ ගැන සමාජය දැනුවත් කිරීමට තවද බොහෙදේ ඇතිමුත් සමාජය යහ මගට යන්නනම් ඔබගේ අදහස් ටිකත් ඇති තරම්.

    ReplyDelete
  2. අනිවාර්යෙන් මාධ්‍ය භාවිතා කරන ජනතාව බුද්දිමත් වියයුතුයි. සෑම රටකම හැම කෙනෙක්ම බලන්නේ සල්ලි හොයන්න. අන්න ඒ සල්ලි හොයන අතරේ මාධ්‍ය වලින් වැරදි දෙයක් රටට ලෝකෙට ඉදිරිපත් කරනවානම් ජනතාවයි එයා ප්‍රතික්ෂේප කළ යුත්තේ. මක් නිසාද මේරටට දැන් හිතකර රාජ්ජය පාලනයක් ලැබී ඇතත් මාධ්‍යට බලපෑම් කිරීමට නොහැක. නිපු ඔබගේ අදහස් බොහොමයකට මාද එකගය. ජය වේවා. සුබ අනාගතයක්.

    ReplyDelete
  3. People who use media should be intelligent. In every country, everyone looks for money. The people should reject the media if they find something wrong with the media. This is because the country has got a favorable monarchy but the media cannot influence it. Many of your ideas are new. Be victorious Happy future.

    ReplyDelete
  4. සමාජ, මාධ්‍ය දෙපැත්තම කැපෙන දැලි පහියක් වැනිය. හොඳ මෙන්ම නරකද ඇත. කෙසේ වෙතත් කෛරාටික පිරිමින්ටට්ත ගැහැණුන්ටත්. හොඳ ඉනිමගකි. සමාජ මාධ්‍ය මිනිසාගේ පෞද්ගලික ලිංගික උත්තේජන පැත්තට වැඩි නිදහසක් නැඹුරුවක් වන පරිදි නිමවා ඇති බව පසක් වේ. නිර්මාපකයන්ගේ ආදායම වෙනුවෙන් මිනිසාලේ හැඟීම් පාචිච්චි කිරීමක් ලෙස සරලව කිව හැකිය..

    ReplyDelete

Post a Comment