බොපත් ඇල්ල.

බෝපත් ඇල්ල පිහිටා තිබෙන්නෙ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රදේශයේය.මෙම ඇල්ලේ හැඩය බොහෝ දුරට බෝපත් කොලයක හැඩයක් ගනී.ප්‍රාදේශීය පුරාවෲත අනුව මෙම ස්ථානයේ නිදානයක් නිදන් කර ඇති බවත් එය ආරක්ශා කිරීමට අවතාර සිටින බවත් සදහන්ය.
       එන පුරාවෘත අනුව රටේ පුරාතන පාලකයන් මෙම ඇල්ල ස්නානය සදහා භාවිත කර ඇති අතර,ඒ අතර තුර මහ සමන් දේවාලය වැද පුදා ගත් බව කියවේ.තවද සමන් දෙවියන්ගෙ බැල්ම  පවතින අතර,පෙම්වතා අත් හල ගැමි තරුනියක් ඇල්ලෙන් පැන දිවිනසාගෙන ඇති බවත් ඇයගේ අවතාරය ඒ අසල ගැවසෙන බවත් ගම්වැසියන් ප්‍රකාශ කරයි.එසේම තවත් විශ්වාසයක් නම් මෙහි ඇති නිදානය ගැනීමට මිනිස් ජීවිත 1000ක් බිලිදිය යුතු බවයි.

Comments

Post a Comment