ජීවිතේට වෙනසක්

ජීවිතේට වෙනසක්...

ජීවිතේ කියන්නෙම මහ පුදුම දෙයක්...එක  වෙලාවකට පට්ට ආතල් එකක්...තවත් වෙලාවකට පට්ටම දුකක්....සමහර වෙලාවට කිසිම අර්ථයක් නෑ, දැල්විලා යන සිකරට් කොටේක දුම් වළලු හුළගත් එක්ක ඔහේ පාවෙලා යනව වගේ...කිසිම තේරුමක් නැතුව හතරදිග්භාගෙටම පාවෙනවා...මෙහෙම ගෙවෙන මේ ජීවිතේ ඇතිවෙන හුදෙකළාව , එක නිමේෂයකට ආභරණයක්...මිහිරක්...කෙනෙක්ට ඒක ඒ තරම් ම රසවත් වෙන්න පුලුවන්.. ඉතිං එහෙම හිතන හිත ම තවත් වෙලාවකට හුදෙකළාව වේදනාවක් විදියට දකිනවා....එහෙම බලද්දි හිත කියන්නෙම වෙනස් වෙන දෙයක් නේද....කෙනෙක්ට ඕනිමයි කියල හිතෙන දෙයක් තවත් වෙලාවකදි එපා කියල විසි කරල දාන්නෙ ඊට වඩා හොද දෙයක් , ඊට වඩා සතුටු වෙන්න පුලුවන් දෙයක් ලැබෙන නිසාම වෙන්නැති කියලා මොහොතකට හිතමු...ඇත්ත ඒකම වෙන්න ඇති...ඒත්...සතුට කියන්නෙම වේදනාවකට අමිහිරකට ආරම්භයක් ම නොවේද....මොහොතකට සතුට රැදුනොත් ඒකම වේදනාවකට පාර විවර වීමක්....

ඒ අතරෙ මට කියන්න ඕනි උනේ වෙන දෙයක්...තනිකම කියන දේ මිනිස්සු දස දහස් ගාණකට මැදිවෙලා හිටියත් දැනෙන හැගීමක්...ඇත්තෙන්ම එය ශාරීරික හුදෙකළා වීමකට එහා ගිය මානසික හුදෙකළා වීමක් නම් , වේදනාව කියන දේ හුගක් බරට දැනෙන්න පුලුවන්.....දිගින් දිගටම එහෙම වෙන්න වෙන්න, දවසක් එනවා ඒ හැමදේම සාමාන්‍යකරණය  වෙන....එදාට කවුරු ආයෙත් මුලින් හිටිය වගේ වෙන්න හැදුවත් මට ඕන්නෑ හැරෙන්න...බෑ..මට බෑ...ආයෙත් ආපස්සට යන්න...මට ඕනි ඉස්සරහට යන්න...තනිවෙන්න...වේදනාව,හුදෙකළාව  රසවිදින්න...පුරුදු උනාම ඒ හැමදේම ලේසියි....හැමෝගෙම සහ හැමදේකම වෙනස්වීම්, නොසලකා හැරීම් පුළුන් රොදක් තරම්වත් බරට දැනෙන එකක් නැති වෙයි එතකොට...
ඒක එක විදියක පිස්සුවක් වෙන තරමටම පට්ට රසවත් වෙයි....හරියට හීනී ඉදිකට්ටකින් සැරින් සැරේට රිදවද්දි දැනෙන හැගීම මිහිරක් වෙන තරමටම ඒක පිස්සුවක් වෙයි....

ඉතිං ඒ දවස එයි...ඉක්මනටම එයි...මට විශ්වාසයි...මම බලං ඉන්නවා...හැමදාමත් වගේම....ඉක්මනට එයි...

           Nim...

Comments

Post a Comment

Popular Posts