Smart කුණු බඳුන

සිංගප්පූරුවේ smart සංකල්පය සමග පැමිණි කුණු බදුන.

Smart සංකල්පය සමග දියුනුවට පත්වන සිංගප්පූරුව මීට වසර කිහිපයකට ඉහත දී වෙනස්ම ආකාරයේ සංකල්පයක් සමග අපද්‍රව්‍ය කළමනාකරණයට මිනිසා යොමු කිරීමේ අරමුණින් එම නිර්මාණය හඳුන්වා දී තිබුණා. මෙය smart කුණු බඳුනක් වන අතර තමා කුණු දමන ප්‍රමාණය අනුව ඉන් භාවිතා කළ හැකි පොදු free wi-fi කලාපයක් සාදයි. කුණු බදුන සිට මීටර 300 ක වපසරියක් දක්වා මෙම free wifi කලාපය ක්‍රියාත්මක වේ.

විශේෂයෙන් ඒ අවට සිටින කඩ සාප්පු හිමියන් සහ සංචාරකයන් මින් වැඩි ප්‍රයෝජන ලබා ගැනීමට පෙළඹ සිටී. මේ සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන අතර ද්‍රව්‍ය ඇතුළු වූ පසු ඒව සංයුක්ත කර බදුන මෙන් 12 ගුණයක ධාරිතාවක් ලබාදෙයි. කුණු බඳුන පිරුණු පසුව ඒ පිළිබඳව අදාල පුද්ගලයින් දැනුවත් කිරීම සඳහා ස්වංක්‍රීයව SMS පණිවිඩයක් හෝ e-mail පණිවිඩයක් නිකුත් කෙරේ.

Comments

Post a Comment

Popular Posts